කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 10 ක දරුවන් සහ ගුරුවරුන් රැසකටම කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (27 දා) පැවැසීය. තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවද හේ සඳහන් කළේය.
එපමණක් නොව දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව ඇතැයිද හෙතෙම කීය. පාසලට පැමිණෙන දරුවන් හා ගුරුවරුන් කොවිඞ්වලින් ආරක්‍ෂා කර ගැනීමේ නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර නොමැතිකම කනගාටුවට කරුණක් බවද හේ සඳහන් කළේය.











Teachers unlike students have got vaccines. But they are infected COVID. That is the wonder in their health.