හරියට මාත්‍රාව අරන් නැති අය ගැන මම වග නොකියමි – ධම්මික

කාලි මෑණියන් සිහිනෙන් කියූ වට්ටෝරුවක් උපයෝගී කරගෙන තැනූ බව කියමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) කපු මහතා කොරෝනා සුව කරන බවට ප්‍රසිද්ධ කළ පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සියලු දෙනාට සහ එම පැණිය ඡායාරූප ගතවෙමින් පානය කළ රාජ්‍ය ඇමති පියල් නිශාන්තට කොරෝනා රෝගය මේවනවිට වැළඳී අවසන්ය.

මේ හේතුවෙන් පැණිය ගැන විශ්වාසය දැන් හීනවී ඇති පසුබිමක මෙම පැණිය ප්‍රවර්ධනය කළ මාධ්‍ය තවදුරටත් ධම්මික පැණියට වැරදුනේ නැති බව ඔප්පු කිරීමට සිය මාධ්‍ය හසුරුවන බව දක්නට ලැබේ.එක් මාධ්‍යයකින් වාර්තා කර ඇත්තේ මෙම අසාර්ථකත්වය ගැන ධම්මික බණ්ඩාර විමසීමේදී තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බව කියා ඇති බවයි.

කෙසේ නමුත් පවුලේ සියලු දෙනාට කොරෝනා වැළඳුණ බව කියූ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල කියන්නේ ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බවය.ඔහු නිරෝධායනය වෙමින් සිටින අතර යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් දන්වා ඇත්තේ තමා ඇතුළු පවුලේ අය මස් මාළු අනුභවය පවා නවතා ඖෂධය වෙනුවෙන් පේවී එම මාත්‍රා පිළිවෙල නිසියාකාරව අනුගමනය කළත් ධම්මික පැණියෙන් ගුණයක් නොතිබූ බවයි.

මේ අතර කොග්ගල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක සත්කාර ලබමින් පසුවන රාජ්‍ය ඇමති පියල් නිශාන්තගෙන් ධම්මික පැණිය ගැන අසන්නට කතාකළ පුවත්පත් මාධ්‍යවේදියෙකුට පියල් නිශාන්ත මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ. ධම්මික පැණිය පියල් පානය කළේ පාර්ලිමේන්තුවේ පමණක් නොවේද යන්න කියවා ගැනීමට එම මාධ්‍ය වේදියාට උවමනාවී ඇත. නමුත් පියල් නිශාන්ත මහතා පවසා ඇත්තේ කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් හැටියට තමාට කිව හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් සියල්ලන් හොඳින් කටයුතු කරන්නේ නම් මෙම රෝගයෙන් වැළකී සිටීමට හැකි වන බව පමණක් බවත් ධම්මික පැණිය කථානායකවරයාට දුන් අවස්ථාවේදී තමාද එය පානය කළ නමුත් මෙම අවස්ථාවේ පැණි ගැන කතා කිරීම ඵලක් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23