සතුටුදායක පුවතක් ? නොරොච්චෝලේ යථා තත්ත්වයට පත්වන දිනය මෙන්න

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පවතින මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය එළඹෙන 29 වනදා හෝ 30 වනදා යළි පද්ධතියට එක්කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි කියා සිටියේ, එහි අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

මේ දිනවල දෛනික විදුලි අවශ්‍යතාවය උපරිමයට පත්වන අවස්ථාවේදී සියයට 30ක් පමණ ජල විදුලියෙන් සපයා ගන්නා අතර, නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව ජල විදුලි උත්පාදනය සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශ ආශ්‍රිත ජල මට්ටම සියයට 60ක සීමාවේ පවතිනවා.

සපුගස්කන්ද- ඒ බලාගාරය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර, ඊට දැවිතෙල් ලබාගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඊයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් එය සාර්ථක වී නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, බොරතෙල් ලැබීම ප්‍රමාද වීම ඊට හේතුව බව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37