පොලිස් නිලධාරියෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කිලිනොච්චිය,රාමනාදපුරම් ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ,නුවර,නුවරඑළිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 55ත් අතර පසුවන පිරිසකි.

පොලිසිය විසින් සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පිරිස යම්කිසි කැණීමක් සඳහා සුඛෝපභෝගී රථ දෙකකින් උතුරු පළාත වෙත පැමිණ ඇති බවය.

සැකකරුන් සන්තකයේ තිබූ භූගත ද්‍රව්‍ය සොයාගැනීම සඳහා භාවිත කරනු ලබන නවීන ස්කෑනර් යන්ත්‍රයක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ සැකකරුවන් අතර සිටි පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙකු බවටද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කිලිනොච්චි පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06