කොවිඩ් ආසාදනයෙන් පසුව දරුවන්ට වැළඳෙන බහු සංකූලතා ගැන හෙළිදරව්වක්

දිනෙන් දින ඉහළ යන කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ඩෙංගු අවදානම පිළිබඳ ව ජනතාවට අමතක ව ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිතව ළමුන් 42 දෙදෙනකු ප්‍රතිකාර ලැබූ බවත්, කිසිදු බරපතළ හෝ අපහසු තත්ත්වයේ රෝග ලක්ෂණ නැත්නම් අවශ්‍ය නිරෝධායන කාලසීමාවෙන් පසුව එම දරුවන් නිවෙස්ගත නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

නමුත් දරුවාට වෛරසය ආසාදිතව ඇත්නම් කිසිදු ගැටලුවකින් තොරව දරුවාව රෝහල්ගත කිරීමේ හැකියාව ඕනෑම අවස්ථාවක දී ඇති අතර, එහෙත් අධික උණ, සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ දිගු කලක් පවතී නම් පමණක් සිය දරුවාව රෝහලට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවැනි ලක්ෂණ නැත්නම් වෛරසය ආසාදනය වුව ද, වෛද්‍ය උපදෙස් මත සිය දරුවාව නිවෙස්ගත නිරෝධායනයට යොමු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද හෙතෙම ප්‍රකාශ කළා.

එමෙන්ම, වෛද්‍යවරයා කියා සිටියේ, කොරෝනා වෛරසය ද මාරාන්තික වුව ද, ඩෙංගු ඊට වඩා මාරාන්තික බවයි.

ඔහු එලෙස සඳහන් කිරීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් හමු වුණ ද කිසිදු දරුවෙකුට කොවිඩ් වෛරසය ඩෙංගු රෝගය මෙන් මාරාන්තික තත්ත්වයක් ඇති නොකළ බවයි.

එබැවින් කොරෝනා මෙන්ම ඩෙංගු පිළිබඳ ව මනා අවධානයකින් යුතුව කටයුතු කර, සිය දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටිනවා.

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටින්නේ, මෙම රෝග තත්ත්වයන් දෙකෙහි දි ම කෑම අරුචිය ඇති වන හෙයින් විශේෂයෙන්ම වයස අවුරුදු 02කට අඩු දරුවෙකුගේ මෙවැනි රෝග ලක්ෂණ පවතී නම්, කිසිදු පමාවකින් තොරව දරුවා රෝහල්ගත කරන ලෙසයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් දරුවන් රැකගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය එන්නත්කරණය ද ක්‍රියාත්මක වන අතර, ඉදිරියේ දී වයස අවුරුදු 16ට වැඩි දරුවන් හට කොවිඩ් එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට සහ අවුරුදු 12ට අඩු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට ද යොමුව ඇති බව ද ඔහු සඳහන් කළා.

කොවිඩ් වෛරසය ආසාදිත වූ බොහෝ දරුවන්ට වෛරසය අසාදනය වී සති දෙකක් , මාස දෙකක් පමණ ගත වනවිට ‘බහු ඉන්ද්‍රීය ආසාදන රෝගකතාව’ ‍යන සංකූලතාව ඇතිවන බව පවසන වෛද්‍ය දීපාල් සඳහන් කළේ, මෙම තත්ත්වය අවම කර ගැනීමට මිත්‍යා මතවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කර දරුවන්ට කොවිඩ් එන්නත්කරණය ලබාදීම කළ යුතු බවයි.

නැතහොත් වෛරසය ආසාදනය වූවායින් පසුව එය බරපතළ වුවහොත් පසුතැවීමෙන් තේරුමක් නැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13