පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපතියාගේ කම්හලේ 10 දෙනාම නිදහස්

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) නියෝග කළාය.

මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කළාය.

ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම  මත සැකකරුවන් දස දෙනා නිදහස් කළ අධිකරණය සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ පුත්තලමේ පදංචි ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ්  හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අයවලුන්ය.

මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කළේය.

මෙහි මුල් සැකකරුවන් නව දෙනාට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරිමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය බී වාර්තාව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති විම හේතුවෙන් අධිකරණය ඔවුන්ට ඇප නියම කළේ ඉකුත් 2019 වර්ෂයේ මැයි මස 06 වැනිදාය. ඒ එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය. පසුව එයින් එක් සැකකරුවෙක් නැවත රක්ෂිත බාරයට පත් කරනු ලැබීය. ඒ අනුව සැකකරුවන් දෙදෙනක් ඊයේ (19) දිනය වන විටත් රක්ෂිත භාරයේ පසුවූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’ නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවකයන් 100 දෙනකු පමණ සේවය කර ඇති බවත් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලින් පසු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කළ වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත්, සැකකරුවන් සිම්කාඩ්පත් දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමට අවශ්‍ය බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.

පසුව මෙම සිද්ධිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දී තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 04 වැනිදාය.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුලු ස්ථාන 8ක ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමග එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දස දෙනා ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 22 වැනිදා අලුයම් කාලයේදි අත්අඩංගුවට ගත් අතර වැල්ලම්පිටිය පොලීසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24