රැඳවියාගේ ඝාතන සිද්ධිය ට අදාළව තිදෙනෙකුගේ වැඩ තහනම්

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියෙකුට පහරදී ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා පාලන), බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා ඒ බව පැවසීය. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“වසර 4ක සිර දඬුවමක් විඳිමින් සිටි චමින්ද හෙට්ටිගේ නමැත්තා මාතර බන්ධනාගාරයේ සිට කදුරුගස්ආර බන්ධනාගාරයට මාරු කර යැවීමෙන් අනතුරුව එහි කෘෂිකර්මාන්ත කටයුතුවල යෙදී සිටින අතරතුර පැන ගොස් තිබෙනවා. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණා.”

“මේ පිළිබඳව චමින්ද හෙට්ටිගේ නමැත්තාගේ දියණිය මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු යටතේ පරීක්ෂණයක් පැවැත්වෙනවා.”

“අද දිනයේ ඇයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතුවලට බාධාවක් ඇති නොවන ලෙසට අදහස් කරමින් බන්ධනාගාර ජේලර්වරයක්, සැරයන්වරයෙක් සහ නියාමකවරයෙක් යන තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.”

“මෙවැනි දෑ සිදුවී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කනගාටු වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19
Video thumbnail
පොහොට්ටුවේ කතුන් ආණ්ඩුවට සත්තම දායි - මහින්දගේ කාලයේ ගෙවිලිය ලස්සනට ජීවත් වුණා
05:13
Video thumbnail
ආණ්ඩුවේ ලොක්කෙකුට ග#න්න ගිය අර්චුනා - පොලිසියෙන් පැනලා අල්ලගනී
02:06
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18