ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරීමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය ගම්පහ ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතික ඇතුළු තමන්ගේ අත්‍යවශ්‍යය පෞද්ගලික ලිපි ලේඛණ තමන්ගේ ජංගම දුරකථනයේ “ඩිජිටල් පසුම්බියක” තබාගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමගින් හැකියාව ලැබෙන බව ඔහු පවසයි.
මාස 30 ක කාලයක් තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සඳහන් කරයි.




