ජනප්‍රිය ක්‍රිකට් තරුව ඇසුරු කළ වෛද්‍යවරියටත් කොරෝනා

කොරෝනා ආසාදිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයයෙකු ඇසුරු කළ හලාවත මහ රෝහලේ වෛද්‍යවරියකට කොරෝනා ආසාදනය වී ඇති අතර දෙදෙනා ම බිංගිරිය කොවිඩ් ඒකකය වෙත ඇතුළු කර ඇති බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවසීය.

මේ ක්‍රිකට් ක්‍රීඩකයා විදෙස් සංචාරයකට යෑමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන ඇති අතර පසුව එම රෝහලෙන් මේ ක්‍රීඩකයාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව දැනුම් දී තිබේ.

මේ සමග ක්‍රියාත්මක වූ වෛද්‍යවරිය හලාවත රෝහල් බලධාරීන් දැනුවත් කර තම මිත්‍රයාට කොරෝනාවෛරසය ආසාදනයවී ඇති බව දැනුම් දී ඇත. ඒ අනුව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත්තේ වෛද්‍යවරියට ඇගේ පෞද්ගලික වාහනයෙන් හලාවත රෝහලට පැමිණෙන ලෙසයි.

එහිදී වෛද්‍යවරිය කුලියට ලබාගත් වාහනයක් භාවිත කරමින් හලාවතට පැමිණ ඇති අතර එහිදී කුලී රථ රියැදුරුට ඒ බව නොදන්වා ඇති බව ද මේ වන විට වාර්තා වේ. වෛද්‍යවරිය ලබාගත් දුරකතන ඇමැතුමක් පිළිබඳ සැක සිතී කුලී රථයේ රියැදුරු කීපවිටක් ම කොරෝනා ආසාදිත දැයි විමසා ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ. වෛද්‍යවරිය කුලී වාහනයේදී පවා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරී නොමැති අතර මුඛ ආවරණයක් ද පැළඳ නොසිටි බව අනාවරණය වී තිබේ.

වෛද්‍යවරිය පැමිණි මෝටර් රථයේ රියැදුරුගේ දරුවා ආබාධිතයෙකු වන අතර රියැදුරු ඒ බව ද දන්වා යළිත් ඒ ගැන විමසා ඇතත් ඇය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මේ පිළිබඳව කළ විමසීමේදී හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා කියා සිටියේ, මේ වෛද්‍යවරිය හලාවත රෝහලට පැමිණ වහා ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයක් සිදුකර කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් බවයි.

වෛද්‍යවරිය මේ වන විට රෝගී තත්ත්වයේ පසුවන බැවින් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා නොගත් බව පැවැසූ හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, සුව වී පැමිණි වහා ප්‍රකාශයක් ලබාගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැවැසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මේ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය සමස්ත වෛද්‍යවරුන්ට ම කළ අවමානයක් බවයි. 

ඒ හේතුවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන බව ද ඇය වැඩිදුරටත් පැවැසුවා ය.

ප්‍රසාද් පූර්ණමාල් – හලාවත

– Mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27