සිකුරාදා සිට රටම කළුවරේ

ලබන සිකුරාදා සිට පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

නමුත් එම ක්‍රියාවලියද පවත්වා ගත හැකි වන්නේ ද ලබන සිකුරාදා වන තුරු පමණක් බවයි ඔහු පවසන්නේ.

ඉන් අනතුරුව නියත වශයෙන්ම පැය 4ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇති බවට ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ මේ වන විට රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද සිදු කර ගැනීමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවනවා.

රන්ජන් ජයලාල් මේ අදහස් පළ කළේ අද (23) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48