විදුලිය කපන හරිම දවස මෙන්න

තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා (25 වැනිදා) වන විට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසීය.

දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කීය.

විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව ලබන සදුදා දැනුම් දෙන බවත් සදුදා දිනය වනතෙක් විදුලිය විසන්ධි කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවත් සුසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48