යළිත් විදුලි කප්පාදුවක්

තාප බලාගාරවල දැවිතෙල් අවසන්වීම හේතුවෙන් එළඹෙන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) නිවේදනය කළේය.

එම කාලවේලාවන් පිළිබඳ එළඹෙන සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බව එහි වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මේ අතර දැවිතෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය අද දහවල් සම්පුර්ණයෙන්ම අක්‍රීය විය.

සපුගස්කන්ද බලාගාරයට ලබාදී තිබු දැවිතෙල් තොග අද දහවල් වනවිට අවසන්වීමට නියමිතව තිබුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 600 ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් බව විදුලිබල අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ පැවසුවද සපුගස්කන්ද බලාගාරයේ දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අද පස්වරු 12ට පමණ බලාගාරයේ ක්‍රියාකාරීත්වය නතර වු බව විදුලිබල මණ්ඩලය පැවසීය.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවු විදුලි ධාරිතාව මෙගාවෙට් 108කි.

සති අන්තයේ සාපේක්ෂව අඩු විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේවෙතත් එළඹෙන අඟහරුවාදා වනවිට තාප බලාගාරවල දැවිතෙල් අවසන්වීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 183ක් පමණ අහිමිවී යන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා,

“අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවෙයි. අලුත් නැවක් එන දවස සමහරවිට මාර්තු මාසයේ වෙයි කියනවා. ඒ නැවට ගෙවන්න ඩොලර් හොයන්න ඕනේ.”

මේ අතර විදුලිය භාවිතය කළමනාකරණය කිරීමට මාර්ගවල රාත්‍රී විදුලි පහන් නිවා දැමීමට හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීමට වන යෝජනාවලියක් විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?