2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම පෙබරවාරි 3 වන දා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ජනවාරි 20 වන දා එම අයැදුම් පත්‍ර භාර ගැනීම අවසන් වීමට නියමිතව තිබිණි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ට පිවිස හෝ www.onlineexams.gov.lk/eic වෙත හෝ දෙපාරේතමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම වන Exams Sri Lanka වෙත හෝ පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි ය.
මේ අතර, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කටයුතු මෙන් ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක් දින සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි 24 වන දා සිට නැවත දැනුම් දෙන තුරු සහතික පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ය.
සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට හෝ ඊමේල් ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.





