බොරැල්ල පල්ලියේ බෝම්බෙ තිබ්බෙ මන්ද මානසික රෝගියෙක්ද ?

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පොලිසිය අදහස් කර ඇත.

75 වැනි වියේ පසුවන මෙම විශ්‍රාමික වෛද්‍යවරයා ප්‍රශ්න කිරීමේදී හෙළි කරන ප්‍රකාශ මත ඔහු මානසික පීඩාවකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇති නිසා මෙලෙස මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට වසර 48කට පෙර බොරැල්ල සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේදී බෞද්ධ කාන්තාවක් සමඟ විවාහ වූ දා ඇතිවූ සිත්තැවුලක් මත ඉකුත් දින එම දේවස්ථානයට බෝම්බයක් තැබීමට උපදෙස් ලබාදීමත්, තමාගේ බිරිය අසනීප වූ අවස්ථාවේ හොඳින් ප්‍රතිකාර කළ නාරාහේන්පිට පෞද්ගලික රෝහල ජනප්‍රිය කිරීමේ අරමුණෙන් එම රෝහලෙහි බෝම්බය තැබූ බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම නාරාහේන්පිට රෝහලේ බෝම්බ සිද්ධිය හා බොරැල්ල දෙව්මැඳුරේ අත්බෝම්බය හමුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනවලද ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් නිවැරදි අයද යන්න ප්‍රශ්නයක් බවත් මේ පිළිබඳ කළ විමසීමේදී ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

මේ අතර බෝම්බ තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා තම විවාහ මංගල පූජාව පිළිබඳව පවසන කරුණු පිළිබඳව සොයා බැලීමට කතෝලික සභාව තීරණය කොට ඇතැයි එහි ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

තමන් විවාහ වන අවස්ථාවේදී තම බිරිය බෞද්ධ වීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා තමන්ට විවාහ මංගල්‍යයට අදාළ මංගල පූජාව ලබා නොදුන් බවට පාපෝච්චාරණය කළ බවට වාර්තා වේ.

එම පුද්ගලයා පවසන එම කරුණු පිළිබඳව සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කිරීමට අදාළ දේවස්ථානයට හැකියාව ඇති බවද එම ප්‍රකාශකයා කීය.

දේවස්ථානය සතුව වසර සිය ගණනක් වුවද පැරණි ලේඛන සුරක්‍ෂිතව පවතින නිසා ඒ ප්‍රකාශවල නිරවද්‍යතාව සොයා බැලිය හැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
කීර්ති මෙන්ඩිස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29