සපුගස්කන්ද යළි අක්‍රීය වීමේ අවදානමක්

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන් තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.

බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 06ක කාලයකට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29