හදිසියේ සාමාන්‍ය පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2022-01-20 වැනි දින සිට 2022-02-03 දක්වා දීර්ඝ කර ඇති බව යි සඳහන් වන්නේ.

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට (www.doenets.lk) හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදවුම (Mobile App ‘Exams Sri Lanka’) පිවිස අදාළ අයදුම් පතර යොමු කළ හැකි යි.

විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

අයදුම් පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිත ව තබා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, 2021 – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2943ක දී පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී ධර්මසේන සඳහන් කළා.

එමෙන්ම, නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානය වෙත ළමයින් යොමුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයක දී කල් දැමුණේ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 255,062ක් ද දෙමළ මාධ්‍යයෙන් 85,446ක් ද පෙනී සිටිනවා.

එමෙන්ම කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33