T20 ලෝක කුසලානයේ පළමු තරගයටම ලංකාව

ලබන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

පළමු වටයේ පළමු තරගයටම ශ්‍රී ලංකාව තරග කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැත්වෙනවා.

පළමු වටයේදී ශ්‍රී ලංකාව තරග 03 කට සහභාගී වනු ඇති. දෙවන තරගය ඔක්තෝබර් 18 වනදාත් 03 වන තරගය ඔක්තෝබර් 20 වනදාත් පැවැත්වෙනු ඇති.

පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 12 ක් දැනටමත් තෝරාගෙන අවසන්.

අනෙක් කණ්ඩායම් 04 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව තෝරා ගැනෙනු ඇති.

සුපිරි 12 වටයට කණ්ඩායම් 08 ක් දැනටමත් සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව – නැමීබියාව – ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 04 සහ ශ්‍රේණිගත කිරීම්වලින් තෝරාගන්නා කණ්ඩායම් 04 සහභාගීවන පළමු වටයෙන් සුපිරි 12 වටයේ අනෙක් කණ්ඩායම් 04 තෝරා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49