පෞද්ගලික සේවකයන්ට සුබ පණිවිඩයක් !

වැඩබිම්වල සිදුවන අනතුරු හේතුවෙන් මියයන සහ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් 1450,000 කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ දක්වා රුපියල් 550,000 ක මුදලක් වන්දි ලෙස ලබාදුන් අතර, ඉදිරියේදී එවැනි තත්ත්වයකට භාජනය වන පුද්ගලයයෙකුට රුපියල් විසි ලක්ෂයක වන්දියක් හිමිවනු ඇති බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියාසිටියේ.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ සළසා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නෛතික ප්‍රතිපාදනය වනුයේ 1934 අංක 19 දරණ සේවක වන්දි ආඥා පනතයි.

මෙම පනත මගින් අනුමතව තිබූ වන්දි මුදල් ප්‍රමාණය 2005 අංක 10 දරණ සංශෝධන පනත මගින් වැඩි කිරීමට පියවර ගනු ලැබුව ද වසර 16 කට පෙර නියම කරන ලද එම වන්දි මුදල සහ නෛතික ප්‍රතිපාදන ද වර්තමානයට නොගැලපෙන හෙයින් එම පනත වර්තමානයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව මෙම නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කළා.

ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අවශ්‍ය බලය කැබිනට් මණ්ඩලය විසින් ලබාදීම මෙරට වැඩ කරන ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට ඉතාම වැදගත් මෙම පනත් සංශෝධනය “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් බවයි.

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර සේවකයන්ට හිමිවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ඉහළ නංවන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබෙනවා.

මෙම පනත සංශෝධනය කිරීමෙන් පසුව රැකියාව හේතුවෙන් සේවකයන්ට සිදුවන අනතුරුවලට අමතරව සේවකයා පදිංචි ස්ථානයේ සිට රැකියා ස්ථානයට යන අතරතුරේදී සහ රැකියාව නිමවී පදිංචි ස්ථානයට ආපසු යෑමේදී සිදුවන අනතුරු සඳහා ද වන්දි ලබා ගැනීමටත් වැඩකරන ජනතාවට අවස්ථාව උදා වනවා.

එමෙන්ම, මිය ගිය සේවකයකු වෙනුවෙන් වන්දි ලෙස තැන්පත් කරනු ලබන මුදලින් රුපියල් ලක්ෂය නොඉක්මවන මුදලක් ඔහුගේ අවමංගල්‍ය වියදම් දැරීම සඳහා ගෙවීමට අවශ්‍ය බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරීමටත්, අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කරනු ලබන රෙජිස්ටාර් තනතුරක් හඳුන්වා දීම මෙන්ම වන්දි අයකර ගැනීමේ කාර්ය පටිපාටිය කඩිනම් කිරීම සඳහා පවත්නා නීති රාමුව තුළ පිස්කල්වරයකු මගින් කොමසාරිස්වරයාට වන්දි අයකර ගත හැකි අයුරින් කාර්ය පටිපාටිය සකස් කිරිමටත්, මෙම නව සංශෝධිත පනත මගින් අපේක්ෂිතයි.

දෛනික සහ කෑලි ක්‍රමයට වැටුප් ලබන සේවකයින්ට ගෙවනු ලබන වන්දි ප්‍රමාණය ගණනය කිරීම,කම්කරු වන්දි ගෙවීමේදී අදාල කර ගන්නාවූ අවම සහ උපරිම මාසික වැටුප තීරණය කිරීම සහ නිත්‍ය පූර්ණ සහ තාවකාලික බෙලහීනතාවයකදී ගෙවන වන්දි ප්‍රමාණය ඇතුළු කරුණු සියල්ලම පාහේ නව සංශෝධිත පනත මගින් යාවත්කාලීන කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.. වැටෙන්නෙත් නෑ
09:20
Video thumbnail
මේ ඇමතිව කනෙන් ඇදලා හිරේ දාන්න - අපි බය නෑ
12:37
Video thumbnail
කක්කුස්සියක් ගිලපු එකා කෑගහනවා - පාර්ලිමේන්තුවේ ලොකු වලියක්
10:50
Video thumbnail
නලින්ද දැඩි තීන්දුවක් ගනී - GMOA එක්ක සාකච්ඡා කරන්නේ නෑ
07:10