භයානක යුද්ධයක් තියෙද්දී මම රටේ ආර්ථිකය හැදුවා – හිටපු ජනපතිනිය කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එම පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු නොවන්නැයි තමන් කළ ඉල්ලීම නොසලකා කටයුතු කළ හෙයින් එසේ කළයුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළා.

පසුගිය යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන කොමිසම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම හමුවේ පැය 03කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් පසු පිටතට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදී සමග මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද? හිනා වෙන්නද? කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා…යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. “එක්කෙනෙක් දන්නේ නැහැ.. අනිත් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්.”

මාධ්‍යවේදියා – “ඔබතුමිය හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?”

හිටපු ජනාධිපතිනිය – “මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි.”

මාධ්‍යවේදියා – “මෛත්‍රීපාල මහත්තයා දැන් ආණ්ඩුවෙන් යනවයි කියන එක කියනවා නේද?”

හිටපු ජනාධිපතිනිය – “මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09


?