AFC Banner
Empty Ad
Empty Ad

කරාපිටිය ශික්ෂණ රෝහලේ ආසාදිත තරුණිය පැන යාම වැලැක්වූ වෛද්‍යවරු නිරෝධායනයේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ. එබැවින් 23 වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මෙම තරුණිය පානදුරේ පුද්ගලික ආයතනයක සේවිකාවක වන අතර ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. ඇය ඊයේ (07) රෝහල් ගතවී ඇති අතර අනතුරුව කරන ලද PCR පරීක්ෂණයේ දී අද (8) දින ඇය ආසාදිත බව හඳුනාගෙන තිබුණා.

එසේම ඇය වාට්ටුවෙන් පැනයෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී එය වැළැක්වීමට කටයුතු කළ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ කිහිපදෙනකු ද නිරෝධායනයට යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?