ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනට නව තනතුරක් ?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නැවත වරක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පත්කිරීමට අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

අජිත් රෝහන මහතා මෙවර මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්වීමට නියමිතව ඇත්තේ 06 වැනි වතාවටය.

ලකී කොඩිතුවක්කු මහතා පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී 2000 වසරේදී පොලිස් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂව සිටි එකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස කටයුතුකල රියන්සි පෙරේරා මහතා ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් නම් කිරීමෙන් අනතුරුව මෙතෙක් වැඩිම කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතුකර ඇත්තේ අජිත් රෝහන මහතාය.

2011 වසරේදී මුලින්ම අජිත් රෝහන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වන විට ඔහු පොලිස් අධිකාරීවරයෙකි. 2012 වසර දක්වා ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවය කිරීමෙන් අනතුරුව නැවත වරක් එම තනතුරට ඔහුව පත්කෙරන්නේ 2013 වසරේදීය. 2015 වසර දක්වා අජිත් රෝහන මහතා නැවත මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර 2017 දී නැවතත් මාධ්‍ය ප්‍රකාශක වගකීම කෙටි කාලයකට ඔහුට පැවරුණි. පසුව කොවිඩ් වසංගතයේ ආරම්භක අවස්ථාවේදී පොලිසියේ කොවිඩ් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් 2021 වසර දක්වාම අජිත් රෝහන මහතා කටයුතු කරනු ලැබුවා.

මේ වන විට අජිත් රෝහන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස අපරාධ, රථවාහන, නීතිය වැනි පොලීසියේ ඉතා වැදගත් අංශ කිහිපයකම ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටීනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58