පොලි අනුපාතයන් ගැන විශේෂ දැනුම් දීමක්

මෙම වසරේ අංක 01 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (20) දැනුම් දීමට නියමිතව තිබෙනවා. ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනවාද, නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන මුදල් මණ්ඩල තීරණය මෙහිදී දැනුම් දීමට නියමිතව ඇත.

2021 නොවැම්බර් 24 දින රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වා ගෙන යාමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.00 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.00 මට්ටමේ පවත්වා ගෙන යාමට තීරණය කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2022 සිය පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී, පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයින් පවසන බව රොයිටර් පුවත් සේවයේ සඳහන් කර සිටියි.

වර්ධනය වන මිල පීඩනයන්ට මුහුණ දීම, බාහිර අභියෝග කළමනාකරණය කිරීම සහ රුපියල මත පීඩනය අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෙලෙස පොලී අනුපාත ඉහළ නැංවීමට කටයුතු කරනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56