ජාතික පාසලක පංති දෙකක් හදිස්සියේ වසාදමයි

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10  සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය අසාදනය වු නිසා අද (18) දින පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත්, ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවාස කරා යොමු කල බවත්, පාසලේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් (18) දින පාසලට පැමිණ ඇති බවයි විදුහල්පතිවරයා කීවේය.

පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් සුම් තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කිරිමට පියවර ගෙන ඇති බවත්, අසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ළගම ආශ්‍රිත සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.

පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති බවත්,අසාදිත ළමුන්ගේ ළගම ආශ්‍රිත ළමුන් 500 දෙනෙකු පමණ නිවාස වල රදවා ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48