හෙදියකට විශේෂඥ වෛද්‍යවරයෙකු පහර දෙයි

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය.

අපේක්ෂා රෝහලේ හෙද – හෙදියෝ 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.

ශල්‍යකර්ම සඳහා නියමිත නාමලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳව ප්‍රධාන හෙද නිලධාරිනිය මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ .

එහිදී වෛද්‍යවරයා ඊට උරණ වි ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැන මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කරති

පසුව පහරකෑමට ලක්වූ ප්‍රධාන හෙද නිලධාරීනිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?