මීරිගම ප්‍රදේශයේ ක්‍රිස්තියානි දේවස්‍ථානයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (17 වැනිදා) අලුයම සිදුවූ මෙම ගල් ප්‍රහාරයෙන් දේවස්ථානයේ ජනේලයක වීදුරුව බිදී ගොස් ඇතැයි පොලිසිය කීවේය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව අදාළ දේවස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් ගල් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා පල්ලිය භූමිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 65ක් වයසැති සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මන්ද මානසික පුද්ගලයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




