පසිඳු පුතත් එක්කම කළු ගඟේ සැගව ගිය ජීවිත

දින හතරක දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග බොහෝ දෙනකු විනෝද චාරිකා, වන්දනා ගමන් සඳහා යෙදී ඇති ආකාරය පසුගිය දින තුන පුරාම සුලබව දැකගත හැකිවිය. බොහෝ දෙනෙකු දුම්රියේ නැග ගියේ සිරිපා කරුණා කිරීමටය. සිරිපා වාරය ආරම්භ වූයේ පසුගිය උඳුවප් පොහොය දිනයෙන් වුවත් වැඩිම බැතිමතුන් පිරිසක් සිරිපා කරුණා කර ඇත්තේ ගතවූ තෙදිනක කාලයේ බව වාර්තා වේ.

හොරණ අඟුරුවාතොට පදිංචි සමන් ක්‍රිෂාන්තත් (40) ඔහුගේ දෙවැනි පුත් පසිඳු නිම්සරත් (10) ටෙරාන් සිල්වාත් (22) සිරිපා කරුණා කරන්නට යෙදුනේ පෙරේදාය. 12 දෙනෙකුගෙන් යුත් සිරිපා නඩයක් සමගින් ඔවුන් සිරිපා කරුණා කිරීමට තෝරාගත්තේ කුරුවිට මාර්ගයය. එහෙත් ඒ ගමන අවසන් ගමන වනු ඇතැයි ඔවුහු කිසිවෙකු හෝ හීනයකින් හෝ නොසිතූහ.

සිරිපා වන්දනා කිරීමට පැමිණි මෙම නඩය සිරිපා අඩවියෙන් පටන් ගන්නා කළු ගඟෙහි දියනෑමට ගියේ සිරිපාගම පොලිස් වසමේ පිහිටි ශ්‍රී පලාපද්දල ප්‍රදේශයෙනි. ඒ සවස හයෙන් පසුවය. දියනෑමට ප්‍රථම නාවික හමුදා සාමාජිකයෙකු වූ සමන් ක්‍රිෂාන්තත්, ටෙරාන් සිල්වාත්, තවත් මිතුරෙකුත් පසෙකට වී මත්පැන් පානය කිරීමට ගියේ නඩයේ සෙසු අටදෙනකුටම දියනෑමට ඉඩ හරිමිනි. මධුපානයෙන් අනතුරුව කළු ගඟට බැස දියනෑමට ගිය මේ සිවුදෙනා අතර සමන් ක්‍රිෂාන්තගේ දෙවැනි පුත් පසිඳු නිම්සර සිටියේ තාත්තාත් එක්කම දිය නා එන බව කියමිනි. එහෙත් මේ ජීවිත හතරෙන් තුනක්ම උදුරා ගැනීමට කළුගං කොමළිය කුරිරු විය.

මෙම සිද්ධියෙන් මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ පනාගොඩ කඳවුරට අනුයුක්තව සේවය කරන සාමාන්‍ය සෙබළ ටිරාන් සිල්වා (22) ගේ මිත්තනිය හැඬූ කඳුළින් මෙසේ කීවාය. මගේ ලස්සන පුතා මාව දාලා යන හින්දද පුතේ ඔයා මගෙන් සිරිපාදේ යන්න ඉස්සෙල්ලා ඇහුවෙ ආච්චියේ මම ලස්සනයි ද? කියලා මේ දුක දෙන්නද පුතේ. ඔයා මගෙන් එහෙම ඇහුවේ යැයි පවසමින් තම මුනුපුරාගේ හදිසි වියෝව දරාගත නොහැකිව ලීලා උඩුමුල්ලගේ (70) ඉකිගසමින් හඬාවැටුණාය. මියගිය හමුදා සෙබළාගේ සීයා වන ගුණරත්න වීරසිංහ,

පුතා පෙරේදා මට කිව්වේ ට්‍රිප් එකක් යනවා කියලා. යන කට්ටිය මට කිව්වේ නෑ. මටයි මගේ නෝනටයි වැඳලා මෙතන හිටිය තව නෑ කෙනෙක්ටත් වැඳලා තමයි මගේ පුතා ගියේ.

සිදුවූ ඛේදවාචක​ෙයන් මියගිය එකම පවුලේ සමන් ක්‍රිෂාන්ත (40) හිටපු නාවික සෙබළා සහ ඔහුගේ දෙවැනි පුතු වන මදුරාවල මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලැබූ පසිඳු නිම්සර 11 පදිංචිව සිටි අඟුරුවාතොට උඩුවර, නිවස සොයා අප යන විටත් තම දරුමල්ලන් අහිමිවීමෙන් ඥාතීන් කම්පිතව සිටින අයුරු දක්නට ලැබිණි.

මියගිය සමන් ක්‍රිෂාන්තගේ පියා වන ඩබ්ලිව් ජුබිලිස් (70) හඬා වැටෙමින් මෙසේ පැවසීය.

තාත්තේ මම සිරිපාදේ ට්‍රිප් එකක් යනවා. මට රුපියල් පන්සියයක් දෙනවාද තාත්ති කියලා මගේ පුතා මගෙන් ඉල්ලුවා. අතේ සල්ලි තිබ්බෙ නෑ. මම තිබිච්ච රුපියල් සීය පුතාට දුන්නා.

සප්පායම් වූ තාත්තා සමග ගඟට බැස්ස දරුවාත් බිලි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40