කිමිදුම්කරුගේ දිවි බේරූ නාවික හමුදාවේ අපුරු යන්ත්‍රය (PHOTOS)

ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති අවපීඩන රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම්කරුවෙකුට ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව ක්‍රියා කර තිබෙනවා.

පසුගිය 13 වනදා උණවටුන මුහුදේ කිමිදිමෙන් පසු මෙම අවපීඩන තත්වයට මුහුණදුන් කිමිදුම්කරු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු එහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

පසුව පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එම සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා එදිනම සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව පැවසුවේ.

2021 ජනවාරි සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති අවපීඩන රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

K 2 1
K 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08