මිය ගිය ගුණවතී කනත්තේ සිට බයිසිකලයෙන් ගෙදර එයි

හොල්මන් කියන්නේ ඇත්තක් ද? නැත්තන් එය සිතෙහි නැගුනු දෘෂ්‍ය මායාවක් ද? සමාජය තුළ පිලිගැනීම නම් හොල්මන් කියා දෙයක් ඇති බවයි. කෙනෙකු මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ ආත්මය සැරිසරන බවත් ඔවුන් විවිධ අයුරින් ජීවත් වන්නන් හට බලපෑම් කරන බවත් පිලිගන්නා කොට්ඨාසයක් අප සමාජයේ සිටිති. ඒ කොහොම වුනත් හොල්මන් සිටිනා බවට අසන්නට ලැබුනු තොරතුරක් මත මේ සටහන තබමි.
(මෙහි එන නම් ගම් මනඃකල්පිත බව සලකන්න. )

දියමංතලාව කියන්නේ බොහොම දුෂ්කර ගම්මානයක්. ගම ඇතුලෙ ඇත්තේ පුංචි කඩවල් කීපයක් පමණි. එහි ද අත්‍යාවශ්‍ය භාණ්ඩ තියා අවශ්‍ය භාණ්ඩයක්වත් නොමැති තරම් ය.ඒ නිසාම ගම්මානයේ බොහෝ දෙනා පුරුදුව ඇත්තේ දුර ගැන නොසිතා හැතැම්ම ගානක් දුර ගෙවා නගරයට යෑම ය…


පියසේන යනු කිරි ගොවියෙකි.දරුවන් තුන් දෙනෙක්ගේ පියෙකි. තවමත් ඉගෙන ගන්නා වයසේ පසු වෙන දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් සොයා ගැනීම පියසේනට විශාල බරක් විය. ගම්මානය පුරා කිරි ගොවීන් සිටින නිසා ගම්මානය තුළ ඇති කඩ කීපයට කිරි ලබා දීමෙන් ඵලක් නැති බව සිතාගත් පියසේන දිනපතා ම ගව් ගානක් දුර ගෙවා නගරය වෙත කිරි ගෙන යයි.

නගරය වෙත උදෙන්ම කිරි ගෙන යා යුතු නිසා පියසේන පාන්දර හතර ට පමණ නිවසින් පිටව යයි. යන්න ට අවශ්‍ය දුරම එන්නට ද සිදුවීම නිසා පියසේන, කකුල් ගෙවෙන තුරු කිරි බඳුන පිටිපස්සෙන් බැඳි පාපැදිය පාගයි. එදින ද, පාන්දරම පියසේන හා ඔහුගේ බිරිඳ එළදෙනුන්ගෙන් කිරි දොවමින් සිටියේ ය.


” ගුණවතීගෙ මිනිය වළ දැම්මේ ඊයෙ. කොච්චර තරහ-මරහ තිබ්බත් මළ ගෙදර යන්න තිබ්බේ.මම යන්න හිතුවත් තමුසෙනේ යන්න දුන්නේ නැත්තේ”
“අනේ ඕකුන් ඉද්දි කරපු,කියපු දේවල් උඹට මතක නැද්ද? මගේ බල්ලවත් යයි ඕකුන්ගේ මළ ගෙවල් වල, මැරිලා ගිය එකමයි හොඳ ඕකුන්ව”


වෙනදා වගේ ම සියල්ල සූදානම් කරගත් පියසේන නගරය බලා පිටත් වීම ට විය. මේ ගමනේ දී පියසේනට ගමට ඇති එකම කනත්ත ද අතරමඟ දී හමු වෙයි. වෙනදා වගෙ ම කනත්ත ද පසු කර ටික දුරක් ගිය පියසේනට වුනේ අවාසනාවන්ත සිදුවීමකි.හිටිහැටියේ ම පාපැදියේ පිටිපස බැඳ තිබූ කිරි භාජනය රැහැනින් මිදී බිම පතිත විය, අහෝ: බඳුනේ තිබූ කිරි සියල්ල බිම ඉහිරි,පැතිරි ගියේ ය. සිදු වූ දෙයත් සමඟ දැඩි මානසික චිත්තවේගයට පත් පියසේන යළිත් නිවසට පිය නඟමින් සිටියේ ය.

කනත්ත ද පසුකර ටික දුරක් ආ පියසේනට අඳුරත් සමඟ කිසිවෙකු අතින් සංඥා කරනු දැකගත හැකි විය.ඡායාව අසළ ට පැමිණි පියසේනට දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි විය. එහි සිටියේ පෙරදා වළ දැමූ ගුණවතී ය. බියෙන් සලිත වී ගිය පියසේන දඩිබිඩි ගා කවදාවත් නැති වේගයකින් පාපැදිය පදවා එතැනින් පලා ගියේ ය.

බොහෝ දුරක් පැමිණි පියසේන ට පාපැදිය පදවා ගැනීමට පවා ශක්තිය හීන වී ගිය බැවින් ආ වේගය නොදැනීම මන්දගාමි විය. හිතේ ශක්තියෙන් ම මෙතරම් දුරක් ආ පියසේන සිදු වු දෙය ගැන හිත හිත එක පාරකුදු පිටිපස්ස ද නොබලා එමින් සිටියේ ය.

හිතේ ගැස්ම ද පහව යමින් තිබුණි. නමුත්, එක්වරම පා පැදිය පිටිපසින් බරක් දැනෙන්න ට විය. කිරි බඳුන ද බිම වැටී බිඳුන හෙයින් බරක් දැනෙන්නේ ඇයි’දැයි පියසේන ට සිතාගත නොහැකිව ඉබේටම පිටිපස බැලුනි. දුටු දෙයින් පියසේනට පාපැදිය වාවාගත නොහැකිව පාපැදිය සමඟම බිම ඇඳ වැටුණි.

පාපැදිය පිටුපස හිඳ සිටියේ ගුණවතී ය. ඒ මොහොතේ දී නම්, පියසේනට සිතන්නට කිසිඳු දෙයක් නොතිබිණි. හූ හඬ දෙමින් කෑ මොර දි පියසේන ටික දුරක් දුවන් ඇවිත් ක්ලාන්තය වී බිම ඇඳ වැටුණි.උදෑසන නගරය වෙත යමින් සිටි අයෙක් කෙළ පෙරමින් සිහිමුර්ජාව සිටි පියසේනව දැක වෙදරාළ වෙත ගෙන ගියත් ඖෂධ වලින් ඔහු සුව කිරීම කළ නොහැකි බව පැවසු වෙදරාළ ගේ අදහස වුනේ පියසේන වෙනුවෙන් තොවිලයක් සිදුකර යුතු බව ය.

තොවිලයකින් පසුව පියසේන සුව වුවත් බොහෝ දෙනාගේ හිතේ ඇති වු ගුණවතිගේ හොල්මන කෙරෙහි බිය නම් සුව නොවිනි. එදායින් පසුව කලුවර වැටුණු පසු ගමේ කිසිවෙක් කනත්ත අසළින් යෑමට නම් කැමති වුනේ නැහැ ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18