ආර්ථික පරිහානිය නිසා අයහපත් ප්‍රථිපල ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය හා එමගින් නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජනයාගේ ජීවන තත්ත්වයට සිදුවන බලපෑම් කෙරෙහි සිය බලවත් අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

රජය ප්‍රමාදයකින් තොරව ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව උද්ගත වෙමින් තිබෙන විවිධ ගැටලු මගින් පෙන්නුම් කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සීඝ්‍රයෙන් වර්ධනය වන උද්ධමනය, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය, විදේශ විනිමය හිගය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම, විදුලිය කපා හැරීම වැනි කරුණු මගින් එය පැහැදිලිවන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ “ආර්ථිකය පිළිබඳ ප්‍රකාශයේ” දැක්වෙනවා.

ආර්ථිකයේ සිදුවන පරිහානිය හේතුවෙන් නීතියේ ආධිපත්‍යයට හා රාජ්‍ය පාලනයට දුරදිග යන්නා වූ අයහපත් ප්‍රතිඵල ඇති විය හැකි බවද එම ප්‍රකාශයේ සදඟන් වනවා. භයානකම තත්ත්වයකදී ආර්ථික පරිහානිය හේතුවෙන් නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයන් තුළදී දැනුවත්, ස්වාධීන හා අපක්ෂපාතී දේශීය හා විදේශීය විශේෂඥවරුන් සහ පවතින අර්බුදයට විසදුම් ලබා දීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් හා විශේෂඥ තාක්ෂණික දැනුම ලබා දිය හැකි පිළිගත් බහු පාර්ශවීය ආයතන වෙතින් සහය ලබා ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42