ලංකාවේ ගෑස් හිඟයට පිළියම් යෙදු සංචාරකයෝ

රටේ පවතින ගෑස් හිඟයට පිළියමක් වශයෙන් ජර්මන් ජාතික යුවළක් විසින් කුරුඳු දර ලොරි දෙකක් අහුන්ගල්ල නගරයේ දී පෙරේදා (13 දා) පස්වරුවේ මහජනතාවට බෙදා දෙනු ලැබ තිබෙනවා.

සංචාරක මඟ පෙන්වන්නෙකු වන එච්. සුනිල් ශාන්ත ද සිල්වා ගේ ඉල්ලීම පරිදි මෙසේ දර බෙදාදෙනු ලැබුවේ ජර්මනියේ පදිංචි නෝබට් ක්ලෙපාර් සහ අනීතා මාජා ගේල් යන යුවළ විසිනි.

විශාල ප‍්‍රමාණයේ කුරුඳු දර මිටිය බැගින් දෙසීයකට ආසන්න පිරිසකට මෙසේ බෙදා දුන්හ.

මේ පිළිබඳව අදහස් දැක්වූ නෝබට් ක්ලෙපාර් මහතා පැවසුවේ, ‘‘පසුගිය දිනවල අහුන්ගල්ල පොලිසිය අසල දී ගෑස් ලොරියක් ඇවිත් ගෑස් අලෙවි කළා. එතැන ලොකු පෝලිමක් තිබුණා. රූපවාහිනී ප‍්‍රවෘත්තිවලදීත් මේ බව රට පුරාම දකින්න තිබෙනවා. මම මේ ගැන සුනිල් ශාන්ත මහතාගෙන් විමසූ විට පැවසුවේ රට පුරා ගෑස් හිඟයක් තිබෙන බවත්, ජනතාවට කෑම උයා ගැනීමට දරවත් නැති බවයි. ඒ අනුව කුරුඳු දර ගෙනැවිත් බෙදා දීමට අපි අදහස් කළා. ශ‍්‍රී ලාංකික ජනතාවට ඉදිරියටත් අපි උදව් කරන්න සූදානම්‘‘ යැයි ද කීයා සිටියා.

cinnamon firewood donation

(බලපිටිය – අනුර යසමිත්)



අපගේ නවතම වීඩියෝ පුවත්