ජල සැපයුම අත්හිටුවීමට නිවසකට ගිය නිලධාරීන් ට එම නිවසේ කාන්තාවක් විසින් පහර දී තිබේ.
බිල්පත් නොගෙවීම හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීම සඳහා අදාළ නිලධාරීන් ගොස් තිබුණි.
සිද්ධිය වාර්තා වී තිබුණේ කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ නිවසකදීය.
අදාළ නිලධාරීන් පැමිණි අවස්ථාවේ නිවසේ කාන්තාව ඔවුන්ට පහර දී රාජකාරියට බාධා කරන අයුරු එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.










