යුනිෆෝම් ගලවන්නැයි කාදිනල් හිමි කී කතාවට පොලිස්පතිත් උත්තර බඳී

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අටවා තිබූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඉන් පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති අතර පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

“බොරැල්ල දේවස්ථානයකදී ජනවාරි 11 වනදා අත්බෝම්බයක් සොයාගත්තා. මේ ගැන මුලින්ම විමර්ශන කළේ බොරැල්ල පොලීසිය. ඉන්පසු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම විමර්ශන භාරගත්තා.” 

“මෙම විමර්ශනයේදී අදාළ CCTV දර්ශන උපයෝගී කරගත්තා. එම තොරතුරු සහ පරිවේෂණ සාක්ෂි මගින් ද වැඩිදුර සාක්ෂි මගින් ද අනාවරණය වුණු තොරතුරු මත තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා.”

“මේ වනවිට ප්‍රකාශ 14ක් සටහන් කර තිබෙනවා. ඊට අමතරව සියලු සාක්ෂි විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදුකරනවා.”

“විද්‍යාත්මක, තාක්ෂණික, පරිවේෂණ සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රයන්වල විශේෂඥයින්ගේ සහය ලබාගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදුකරනවා. මෙම විමර්ශන තාමත් මූලික අවදියේ පසුවෙන්නේ.” 

“මෙම අත්බෝම්බය දේවස්ථානය වෙත රැගෙන පැමිණි පුද්ගලයා හෝ පුද්ගලයින් කවුරුද?, කුමණ ප්‍රදේශයක සිට කුමණ අරමුණක් සඳහා මෙය සිදු කළේද?, ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය සිටීද?, ආධාර අනුබල ලබාදුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මකයි. විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙනවා.” 

“ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා.”  

“කොළඹ නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයෙන්ම අත්බෝම්බයක් හමුවුණා. මාස 3කට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් පසු එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නීතිය ඉදිරියට පැමිණවීමටත් හැකියාව ලැබුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40