ශ්‍රී ලංකාවේ සුන්දරම අධිවේගී මාර්ග කොටස හෙට ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර හෙට (15) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91කි. 

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.

මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?