ප‍්‍රබල ඇමතිගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 81ක්.

රජයේ එක්තරා ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්‍යවරයා එම නීති උල්ලංඝනය කරමින් සිය ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු යොදාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන නමුත් කිසිදු කැබිනට් ඇමැතිවරයකුට ආරක්ෂාව ලබාදීම සඳහා අනුයුක්ත කර නොමැත.

එසේ තිබියදී මෙම කැබිනට් ඇමැතිවරයා සිය විශේෂ වරප‍්‍රසාද පාවිච්චි කරමින් මේ ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තම ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටින නිලධාරීන් පසුගිය කාලයේ සිය රාජකාරියට පරිබාහිරව නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.

හේමන්ත රන්දුණු– divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40