කාදිනල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට දින 1000ක් සම්පුර්ණ වෙයි.

ඒ වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැත් වුණි.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට කොච්චිකඩේ හා කටුවාපිටිය දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූවන් හා මියගිය අයගේ පවුල්වල අයද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ.

“පාස්කු ඉරුදින මිනීමැරුම සිදුවී අදට හරියටම දවස් 1000ක් සම්පූර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් මනුෂ්‍යයෙකුට මේ තරම් කාලයක් තිස්සේ මේ විදියට දුක් දරන්න පුළුවන් ද කියන එක ඇත්තෙන්ම අපිට නොතේරුනාද ඒ අයගෙන් අපිට අහන්න පුළුවන්. මේ තරම් දුක් ඉවසා දරාගෙන ඉන්න මනුෂ්‍යයන්ට පුළුවන් වුනේ කොහොමද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා.” 

“මට කියන්න තියෙන්නේ දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත කියලා. අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න පටන් අරන් තියෙනවා. අපේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යටගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයින් දවසින් දවස අවුල් සහගත තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි.”

“ඒ නිසා කවුරු කවුරුත් අපිව යට කරන්නට, අපට වුන දේ ඉතිහාසයෙන් මකා දමන්නට කොච්චර උත්සහ කරත් එය හරියන්නේ නෑ. බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පත්තුවෙන බෝම්බය නම්, ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියලා  ලඝු කරලා යටගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සහ කෙරුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ. ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සහ කළා ද. ? එහෙත් එහෙම කරන්න ඒ යට පුළුවන් වුනාද ? යටගහන්න හදන තරමටම එය මතුපිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියල පැහැදිළියි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කළින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා. අනිත් පැත්තෙන් එය වැලක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා. සමහර නායකයන්ට ඕන කලේ දේශපාලන වාසි ලබාගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නැයි කියල දැන් පැහැදිළි වෙමින් තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19