පොලිසියෙන් දැනුම්දීමක්

කොළඹ නගරයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් මෙහි අරමුණ බවයි.

මෙහි දී කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස්කිරීම සිදුවනවා.

ඒ අනුව මෙම වඩසටහන අද, හෙට සහ අනිද්දා (14,15,16) යන දිනවලදී සිදු සිදුකෙරෙනු ඇති.

මෙම දින 03 තුළ ඔබ ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාගෙන එයට අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?