AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් වතුර කළ ව්‍යාපාරිකයාට සිදුවූ දේ

විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදුවංචා කරමින් ප්‍රතිඅපනයනය කර මහා පරිමාණ ඡාවාරමක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු අනුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බවත්, වසර දෙකකටත් වඩා පැරණී සිද්ධියක විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් සදහන් කරමින් අධිකරණය සැකකරුට ඇප ලබා දුන්නා.

මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී අධිකරණයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?