කතන්දර ගොතන්න එපා : පොලිසියට කාදිනල් හිමියන්ගෙන් චෝදනා

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පෙන්වන කතාව සත්‍යයෙන් තොර බවට හැඟී යන බවයි මෙහිදී උන්වන්සේ කියා සිටියේ.

සත්‍ය සොයනවාට වඩා කතන්දරයක් ගෙතීමට පොලිසිය උත්සහ දරන බවට අගරදගුරු හිමිපාණෝ චෝදනා කර සිටියේ.

පොලිසිය එම සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන කාලයේ දර්ශන මග හැර සවස තුනෙන් පසුව දර්ශන පමණක් පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණ නොමග යැවීමට ගත් උත්සාහයක් යැයි සැකයක් මතුවන බව ද උන්වහන්සේ සඳහන් කර සිටියා.

තමන් වහන්සේ ප්‍රමුඛ පියතුමන්ලා එදින උදෑසන සිට ලබා ගත් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන 9.52කට පමණ සැක සහිත හැසිරීමක් තිබූ අයෙකු දෙව් මැඳුරු පරිශ්‍රයේ ගැවසී ඇති බවට හෙළි වූ බව ද අගරදගුරු හිමිපාණෝ පැවසුවේ.

“කළු පැහැයට හුරු කලිසමක් ඇදගෙන නොන්ඩි ගහගෙන වගේ ඇවිත් ඒ පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වෙනවා. වටපිට බලමින් අන්තිම බංකු පේලිය ආසන්නයෙන් පිළිම වහන්සේ අසලින් අසුන් ගන්නවා. කතෝලිකයෙකු දේවස්ථානයකට ඇතුළු වුණාම සලකුණු කරන කුරුස ලකුණ සලකුණු කළත් එය කරන්නේ වැරදියට කියලා අපි දැක්කා. යාඥා කරන්නේ නැතුව මුල්ලට වෙලා සාක්කුවෙන් යම් දෙයක් එළියට ගන්නවා. බිමට නැමිලා මොනවා ද කරනවා වගේ පේනවා. ඒ වෙලේ එතනින් පල්ලියේ සේවය කරන අයෙකු ගමන් ගන්නවා. ඒක දැකල මේ පුද්ගලයා කලබලා වෙලා ඇවිදගෙන යනවා ඉක්මනට. නොන්ඩි ගහගෙන වගේ ආවට ඔහු කලබලයෙන් දේවස්ථානයෙන් පිට වෙන්නේ හොදට ඇවිදගෙන.”

තමන් වහන්සේ පැවසූ උදෑසන කාලයේ සිදු වූ සිදුවීම් කිසිවක් විමර්ශනය කරන පොලිස් නිලධාරීන් නරඹා නැති බවයි උන්වහන්සේ කීයා සිටියේ.

සවස නැරඹූ දර්ශන මත පදනම් එම දෙව් මැඳුරේම සේවය කළ ය ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට උත්සහ දැරීම අහිංසක මිනිසුන් බිල්ලට දී මේ කුමන්ත්‍රණය වසා දැමීමට උත්සහා දැරීමක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ චෝදනා කර සිටියේ.

පොලිස් නිලධාරීන් සිටිනුයේ දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කිරීමට නොවන නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය සෙවීමෙන් බැහැරව අහිංසක මිනිසුන් පිට වරද පටලවා අත සෝදා ගැනීමට සූදානම් නොවන්නැයි උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ.

පොලිසිය අත හැරුණු සාධකය බලගතු සාධකයක් යැයි තමන් වහන්සේට හැඟී යන බව ද කාදිනල් හිමිපාණෝ පැවසූහ. නාඩගම්වලින් තොරව නිසි අයුරින් විමර්ශනය කරන ලෙස උන්වහන්සේ අනතුරු අඟවා සිටින්නේ.

පොලිස්පතිවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවංක විය යුතු බැවින් ඔවුන්ට සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය නොහැකි නම් “නිල ඇඳුම ගලවා තබා ගෙදර යන,” ලෙස ද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40