AFC Banner
Empty Ad
Empty Ad

ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි – ඇමති විමල් කියයි

රජයේ සේවකයින්ට, විශ්‍රාමිකයින්ට, ආබාධිත රණවිරුවන්ට සහ වතු කම්කරුවන්ට වසරක කාලයක් සඳහා රු. 5000ක අතිරේක දීමනාවක් දීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ අදහස් පළ කර සිටියා.

රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමට රු. 5000 දීමනාවක් ලබා දීමෙන් ඵලක් නොවන බව ඔහු පෙන්වා දුන්නේ.

ඊයේ පැවති උත්සවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර සිටියා,

.”අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.”

“මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?