ජය ශ්‍රීලා තවත් අමාරුවක වැටෙයි කියපු දේ නෑහුවාට වෙන්න යන දේ මෙන්න !

අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම නිසා, ජය ශ්‍රිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සීතාසි නිකුත් කර තිබෙනවා.

ගරු වාණිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර තිබුණේ ඔවුන්ට ගීත 20ක් ගායන කිරීම තහනම් කරමිනුයි.
මෙය උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීමට එරෙහිව අද දින ගරු වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මැතිතුමා විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සීතාසි නිකුත් කරනු ලැබ තිබෙනවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හෝවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටිමින් සදහන් කර සිටියේ, අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම ඉතා බරපතල කරුණක් වන බවයි.

මෙම නඩුව නැවතත් 2022 ජනවාරි මස 27 වන දිනැතිව කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?