මරණ දඬුවම හිමිවූ එමිල් රංජන්, සිපිරිගෙයට රැගෙන ගිය හැටි මෙන්න – අවසන් වතාවට ඔහු කියූ ආන්දෝලනාත්මක කතාවකුත් එළියට – Video

වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට එවක බන්ධනාගාර අධිකාරීව සිටි එමිල් රංජන් ළමාහේවාට අධිකරණය අද මරණ දඬුවම නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස්කොට නිදහස් කිරීමටයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් ඇතිවුණේ රැඳවූවන් සන්තකයේ තිබූ නීතිවිරෝධී සහ තහනම් ද්‍රව්‍ය වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 700කට අධික පිරිසක් බන්ධනාගාරයේ සිදුකළ හදිසි මෙහෙයුමක් අතරතුරයි.

එම මෙහෙයුම අතරතුරදී බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා එහි තිබූ ටී 56 ගිනි අවි රැඳවූවන් පිරිසක් ග්‍රහණයට ගෙන තිබූ අතර, නොසන්සුන්තාව අතරතුර රැඳවූවන් 8 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණා.

එම රැඳවූවන් 8 දෙනා ඝාතනයට ලක්වීමට අදාළව නීතිපතිවරයා විසින් ඉකුත් 2019 වසරේ ජූලි 4 වැනිදා අධිචෝදනා 33ක් යටතේ එවක බන්ධනාගාර අධිකාරිවරයාව සිටි එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව නඩු පවරනු ලැබුවා.

ඒ, ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

නඩුවේ තීන්දුව අද මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශයට පත්කළ අතර, සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැවසුවේ 2017 වසර තෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුව නොමැති බවයි.

අදාළ රැඳවූවන් ඝාතනයට ලක්ව ඇත්තේ මධ්‍යම රාත්‍රී 12ත් උදෑසන 6.10ත් අතර කාලය තුළදී අවස්ථා කිහිපයකදී බවද අධිකරණ වාර්තාවේ සඳහන්.

ඝාතනයට ලක්වූ රැඳවූවන් 8 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට වසරකට අධික කාලයක් ගතව ඇති බවද සභාපති විනිසුරුවරයා අවධාරණය කළා.

ගොණුකර ඇති අධිචෝදනා 33 විභාගය සඳහා සාක්ෂි සටහන් 5000කට අධික සංඛ්‍යාවක් මෙන්ම සාක්ෂිකරුවන් 40 දෙනෙකුට අධික පිරිසකගෙන් සාක්ෂි මෙහෙයවා තිබෙනවා.

ඒ අනුව නඩුවේ පළමු විත්තිකරු වනපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වරදකරු කරමින් එල්ලව ඇති සියලු චෝදනාවලින් ඔහු නිදොස්කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

ඒ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන්.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එල්ලව ඇති චෝදනා අතුරින් 33 වැනි චෝදනාවට ඔහු වරදකරු කෙරුණු අතර, ඒ අනුව අධිකරණය නඩුවේ තීන්දුව ලබාදෙමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළා.

විත්ති කූඩුවේ සිටි එමිල් රංජන් ළමාහේවා අවසන් වශයෙන් විනිසුරු මඩුල්ලට කියා සිටියේ

;ස්වාමීනි… සිද්ධිය සිදු වූ අවස්ථාවේ මම බන්ධනාගාර අධිකාරිවරයක්. මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වීමට මට කිසිම අවශ්‍යතාවක් නෑ. බන්ධනාගාරය තුළ 3000 පමණ පිරිසක් සිටියා. ඒ අතරින් මට පමණක් මේ චෝදනාව එල්ල කරන්නේ කොහොමද? මේක දේශපාලන කුමන්ත්‍රණයක් මත ගොඩනැගුණු නඩුවක්. මම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා;

යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13