සෞඛ්‍ය ඇමති හිටි හැටියේ ඉල්ලපු වාර්තාව

ඉදිරි මාස හය සඳහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් හෙට (ජන. 12) දින වන විට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ඊයේ (ජන. 11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණිය ද ජනතාවට අවශ්‍ය ඖෂධ, හිඟයකින් තොරව ලබා දිය යුතු බව ත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බව ත් ය.

මෙරටට ඖෂධ ආනයනය කරනු රටවල්වල එම ඖෂධ පිළිබඳ තොරතුරු ද රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන් ද අදාළ තොරතුරු ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් මර්දනයට ඉහළ ප්‍රමුඛතාව ලබා දුන් සේ රජය ජනතාවට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් ද උපරිම සාධනීය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

රට තුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරෙන නමුත් ජනතාව විවිධ සන්නාම යටතේ නිකුත් කෙරෙන ඖෂධ සඳහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේ ම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදු වන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.  

රට තුළ කිසිදු අයුරකින් කිසිදු මෙහොතක ඖෂධ හිඟයක් ඇති නොවීමට සෑම වර්ෂයේ ම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41