සෞඛ්‍ය ඇමති හිටි හැටියේ ඉල්ලපු වාර්තාව

ඉදිරි මාස හය සඳහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් හෙට (ජන. 12) දින වන විට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ඊයේ (ජන. 11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණිය ද ජනතාවට අවශ්‍ය ඖෂධ, හිඟයකින් තොරව ලබා දිය යුතු බව ත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බව ත් ය.

මෙරටට ඖෂධ ආනයනය කරනු රටවල්වල එම ඖෂධ පිළිබඳ තොරතුරු ද රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන් ද අදාළ තොරතුරු ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් මර්දනයට ඉහළ ප්‍රමුඛතාව ලබා දුන් සේ රජය ජනතාවට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් ද උපරිම සාධනීය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

රට තුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරෙන නමුත් ජනතාව විවිධ සන්නාම යටතේ නිකුත් කෙරෙන ඖෂධ සඳහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේ ම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදු වන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.  

රට තුළ කිසිදු අයුරකින් කිසිදු මෙහොතක ඖෂධ හිඟයක් ඇති නොවීමට සෑම වර්ෂයේ ම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?