වඳුරඹ OICට කොකා ගස්සන්න හැදු පොලිස් පොඩ්ඩා

ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත් කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් ඊයේ එම පොලිස් භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේදී එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා නව ගොඩනැගිල්ල ඉඳිකරන පරිශ්‍රය ට බාහිරව තිබෙන අනෙකුත් ගස්ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත් කිරීමට කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක් පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එහිදී ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන “කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න” යැයි පවසමින් චෝදනා ගාරය තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස් එය විවෘත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයාව බැරැක්කය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පළාගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ.

පලාගිය කොස්තාපල්වරයා යක්කලමුල්ල පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41