දේවස්ථානයක තිබී හමු වූ බෝම්බ සිද්ධියේ අලුත්ම හෙළිදරව්ව

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට රඳවා සිටින බවයි.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ ගොඩනැගිල්ල තුළ තිබී ඊයේ පස්වරු 4.45ට පමණ අත්බෝම්බයක් සොයා ගැනිණ.

ඒ දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරේ දකුණ පසට වන්නට ඇති සුරුවම අසල තිබීයදී ය.

දේවස්ථානයට පැමිණි අයෙකු මෙය දැක පියතුමන් දැනුවත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

අනතුරුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙම ස්ථානයට කැඳවා තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් අසැකකරුවන් 3 අතර බෝම්බය එම ස්ථානයේ තැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරු ද වන බවයි.

දේවස්ථානයේ කටයුතු සඳහා සිටි පිරිසක් ද පොලීසිය ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසී ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41