ලංකාවේ අභිරහස් සැගවුණු හොල්මන්වලට ප්‍රසිද්ධ තැන්

ආසියානු කලාපයේ රටවල් වල බොහෝ ජනප්‍රිය සංකල්පයක් තමයි හොල්මන් කියන්නේ.ඉතින් ලංකාව ඇතුලෙත් කිසිම අඩුපාඩුවක් නැතුව මේ අදහස් මුල් බැසගෙන තියනවා.අද මම සූදානම් වෙන්නේ ඒ කථවල ඇත්ත නැත්ත හොයන්න නෙමෙයි.මම අද සූදානම් වෙන්නේ ලංකාවේ හොල්මන් තියනවා කියලා ප්‍රසිද්ධියට පත් වුන තැන් කිහිපයක් ගැන කතා කරන්න

01.දික්කන්ද වලව්ව.

දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ. මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විශාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් වැල් නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. නමුත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.

ඒ වගේම වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්. තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.

02.බොරැල්ල කනත්ත.

1850 ගණන්වල ඉදිකරන ලද මෙය ශ්‍රී ලංකාවේ පැරණිතම සුසාන භූමියක් බව පැවසේ. පළමු හා දෙවන ලෝක යුද්ධයේ මියගිය සොල්දාදුවන් පවා මෙහි මිහිදන් කිරීමට තරම් මෙය පැරණි බව සඳහන්.

03.ජාවත්ත පිස්සන් කොටුව

1880 ගණන්වල ජාවත්තේ පිස්සන් කොටුව රෝගීන් 400කට නේවාසිකව ඉදිකරන ලද්දකි. එහි සිටින වෛද්‍ය නිලධාරීන් රෝගීන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් තිබූ නමුත් සාමාන්‍ය ජනතාව අතර මෙය ප්‍රචලිත වන්නේ හොල්මන් පවතින ස්ථානයක් ලෙසයි. පසු කාළීනව රෝගීන් (1917) දී වෙනත් ස්ථානයකට මාරු කර ඇති අතර, ජාවත්ත පිස්සන්ගේ සරණාගතාගාරය විස්මිත සාප්පු සංකීර්ණයක් බවට පත් කර ආකේඩ් නිදහස් චතුරශ්‍රය ලෙස නම් කර ඇත.

04.Lover’s Leap දිය ඇල්ල

Lover’s Leap දිය ඇල්ල යනු නුවරඑළියේ පිහිටි ඉතා ආකර්ෂණීය දිය ඇල්ලකි.දිය ඇල්ල මුදුනේ සිට කිමිදෙන්නට ගොස් මිය ගිය යුවළගේ ආත්මයන් විසින් හොල්මන් කරන බවත් ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.

05.ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල.

මෙම ගොඩනැගිල්ල 1911 දී ඉදිකරන ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල කොටුවේ ලෝටස් පාර සහ චැතම් වීදිය යන දෙකෙහි අතරමැද දුරකථනයක් අල්ලාගෙන සිටින යෝධ ස්මාරකය අසල පිහිටා ඇත.බොහෝ මිනිසුන් අදටත් විශ්වාස කරන්නේ මෙම ගොඩනැගිල්ලේ හොල්මන් ඇති බව හා ඉතා භයානක තැනක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18