අද (11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ (10) ප‍්‍රසිද්ධ කර තිබුණි.
ඒ අනුව ඒ,බී,සී,ඩී වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා තිබෙන අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ පැයක් බැගින් එම ප්‍රදේශවල අවශ්‍ය වුවහොත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම කප්පාදුව සිදුකිරීමට සූදානම් වන නමුත් ඉරිදා දිනය එම කාලසටහනට ඇතුළත්කර නැත.
විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.











Hopeless CEB , better to f..k off!