එකට බිව්ව පොලිස් ලොක්කා පොලීසියටත් සද්ද දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සමග එහි වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අධිවේගී මාර්ග කොට්ඨාසයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා Cae0075 දරණ මෝටර් රථය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එය පදවාගෙන ආ රියදුරු අසුනේ සිටි පුද්ගලයා සඳහන් කර ඇත්තේ, තමන් “චමිල” නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමග මත්පැන් පානය කර යළි පැමිණෙන බවය.

අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාසයේ නිලධාරින් විසින් ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයාව දූරකථනයෙන් සම්බන්ධ කරගෙන තිබෙනවා.

එහිදී, රථය පදවාගෙන ආ තැනැත්තා සමග ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයා දූරකථනයෙන් කතා කර අතර, එම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා විසින් අදාළ පොලිස් නිලධාරියාගේ නම විමසා පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්තේ අදාළ රියදුරු අසුනේ සිටි තැනැත්තා මුදා හැරීමට කටයුතු කරන ලෙසයි.

https://youtu.be/yQLcfCUy_xs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52