ගෑස් අනතුරු වලින් විපතට පත්වූවන් සංවිධාන ගතවෙයි : සමාගම් වලටත් රතු එළියක්

ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරුවලට පූර්ණ වන්දි ලබාදෙනතුරු වින්දිත පවුල් සඳහා රුපියල් ලක්ෂ 05 වෛද්‍යාධාරයක් ලබාදෙන්නැයි ඉල්ලමින් එම වින්දිතයින් එක්ව පිහිටුවා ගත් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව අද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදුන්නා.

ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර අද අමාත්‍යාංශයේදී පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවයි.

සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම්, මිලින්ද ප්‍රේමරත්න පවසා සිටියේ, “මේ වෛද්‍යාධාර විදියට වින්දිතයින්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලුවා. මේක වන්දියක් නොවන බවත් දැනගන්න ඕනේ. සාධාරණයක් ඉටු නොවුණහොත් අධිකරණයට යොමුවෙනවා.” යනුවෙනි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ, “අනිවාර්යයෙන්ම ඒ සෞඛ්‍ය වශයෙන් ආධාර සහ වන්දි මුදල් ලබා දීම සඳහා අපි රජය අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. ඒක කළ යුතු දෙයක්.” යනුවෙනි.

කුණ්ඩසාලේ ප්‍රදේශයේ සිදු වූ ගෑස් පිපිරුමෙන් බිරිඳ මියගිය ස්වාමිපුරුෂයා ඇතුළු ගෑස් අනතුරුවල වින්දිතයින් අනතුරුව මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වු මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මෙලෙස අදහස් දැක්වීය.

“මගේ බිරිඳගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන තියෙනවා. මගේ වන්දි මුදල කෝටි 10ක්. මගේ බාලවයස්කාර දියණියන් දෙදෙනා වෙනුවෙන් වන්දි ඉල්ලා මේ වෙනකොටත් වන්දි නඩුවක් ගොනුකරලා, මේ සතියක් තුළ එන්තරවාසියක් යැවීමට කටයුතු කරලා තියෙනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08