පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.
දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.
අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බවයි ව්‍යාපෘති භාර සමාගම සඳහන් කර සිටින්නේ.
මේ අතර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පෝට් සිටි හි සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීම සහ දෙරට අතර ඓතිහාසික ‘රබර් සහල් ගිවිසුම’ අත්සන් කර වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහායි.