අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් ඔවුන් මෙරටට එවන විනිමය විදේශ මුදල්වලින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකිවනු ඇත.
ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන අතර, එසේ කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුව අනුමත විනිමය අනුපාතයට අමතරව අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් දහයක අතිරේක දිරිදීමනාවක් ලබන 31 වැනිදා දක්වා ලබාදෙනු ඇති.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
















කවුද දන්නෙ අද ඔහොම කියල හෙට එවන සල්ලි ටික ගන්නව කියාවිද කියල, ඒක හින්ද මම නම් එවන්නෙ නෑ, එවන්නෙ අවශ්ශතාවයට විතරයි. එතනින් එහාට එවන්නෙ නෑ. අනික අපි එවන සල්ලි වලින් හරි වැඩක් වෙනවනම් කමක්නෑ වෙන්නෙ අර චීන නැවට බොරුවට ගෙවනව වගේ වැඩ. මුන් කොච්චර වන්චා කරනවද ඉතින් අපි එවන සල්ලි වැඩක් තියෙනවද?